දිනෙන් දින වැනසෙන වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතය

කළුතර පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ “පුස්සවල දොළ” රක්ෂිත ප්‍රදේශයේ විශාල ගස් වැල් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් දැවැන්ත විනාශයක් සිදු කරන බව මිහිකත සුරැකීමේ කාර්යංශ පවසයි.

එම කාර්යාංශයේ ලේකම් පේශල පසන් කරුණාරත්න මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ඒ බව සඳහන් කර සිටියේය “කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුන්දොල ග්‍රාමසේවා වසමතුල පිහිටා ඇති පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ “පුස්සවල දොළ” නමින් හඳුන්වන දොළ මාර්ගය, ඉහල කඳුපන්ති වල ඇති උල්පත් වලින් ආරම්භ වී ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින්, අවට පරිසර පද්ධතියට ජීවය දෙමින්, අලංකාරවත් දිය ඇල්ලක්ද නිර්මාණය කරමින් පහලට ගලාගොස් බෙන්තර ගංගාව පෝෂණය කරයි.

ඉතාම වටිනා පරිසර පද්ධතියකයට උරුමකම් කියනා මෙම පුස්සවල දොළ දෙපස ඇති රක්ෂිත ප්‍රදේශයේ විශාල ගස් වැල් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් කපාදමා දැවැන්ත විනාශයක් සිදු කර ඇත. බිම හෙලා ඇති ඇතැම් ගස් වල කොටස් එම ස්ථානයේ සිටම කැබලිකර ඉරා රැගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට හැකිවේ. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම විනාශකාරී ක්‍රියාවන් වගකිවයුතු ආයතන වල කිසිඳු අවසරයකින් තොරව හොර රහසේ සිදුකර තිබේ.

දොළ මාර්ගයක් දෙපස ඇති රක්ෂිතයක් තුල කිසිඳු අයෙකුට හිතුමනාපයට මෙවැනි විනාශකාරී ක්‍රියා සිදු කල නොහැකි අතර යම් ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර ලබා ගැනීම කල යුතු වේ. එමෙන්ම මෙලෙස විනාශ කර ඇති භුමිය තුල දුර්ලභ ශාක විශේෂ ගණානාවක් හමුවන අතර මෙම දොළ මාර්ගය තුල මෙරටට ආවේනික වඳවීයාමේ තර්ජනයට පවා ලක්ව ඇති මත්ස්‍ය විශේෂයන් රැසක්ද දැක ගැනීමට හැකියාව ඇත.

මෙලෙස වටිනා රක්ෂිත භූමියක් විනාශ කිරීමෙන් ඒ ආශ්‍රිතව ජීවත්වන ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට දැඩි තර්ජන ගෙන දෙන අතර දොළ රක්ෂිත පෙදෙසේ වන වැස්ම ඉවත්ව යෑම නිසා ජල පෝෂක ප්‍රදේශය වියලි යෑම සිදුවේ. එම නිසා දොළ මාර්ගයේ ජලය සිඳියෑම පවා සිදුවිය හැකි අතර එය ප්‍රදේශයේ ජල අවශ්‍යතාවයටද දැඩි බලපෑමක් එල්ල කරයි.

විශාල වටිනා කමක් සහිත දොළ රක්ෂිතයක්, මෙලෙස විනාශ කිරීම විශාල පරිසර හානියක් සේම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ද වන නිසා මේ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කර හැකි ඉක්මනින්ම මෙම දොළ රක්ෂිතය සංරක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල මිහිකත සුරැකීමේ කාර්යංශය ඉල්ලාසිටී.

 

පිටපත - පේශල පසන් කරුණාරත්න

මිහිකත සුරැකීමේ කාර්යංශ ලේකම්

 

Pin It

සබැඳි පුවත්

මහින්දානන්දව අගමැති කරමු !
මහින්දානන්දව අගමැති කරමු ! එදා මෙදා තුර කෘෂිකර්ම ඇමතිවරු අතර විශිෂ්ඨතමයා මහින්දානන්ද අලුත්ගමගේ ම ය. එවැන්නෙකු අගමැති, ජනපති ධූරයන්ට පත් නොකර කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ තවදුරටත් තබා ගැනීම අ...
ලක්ෂ 80,000 ඉක්මවන සහගහන පොදු දේපළ වංචාවක් යටගසයිද?
ලක්ෂ 80,000 ඉක්මවන සහගහන පොදු දේපළ වංචාවක් යටගසයිද? අධිරාජ්‍යවාදී පාලනය නිමා වූ පසුව සුද්දා රට දමා ගියේය. බ්‍රිතානය ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිංහලයාගෙන් කොල්ලකාගත් වතු අක්කර දහස් ගණන් එහිදී හැකි පමණින් මෙරට ධනපතියන්...
නාවලකන්ද දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන සාර්ථකව අවසන්
නාවලකන්ද දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන සාර්ථකව අවසන් ජෛව පද්ධතියට ගැලපෙන ශාක විශේෂයන්හි පැල 400 කට අධික ප්‍රමාණයක් නාවලකන්ද දොළ රක්ෂිතය තුල රෝපණය කරමින් ඊයේ (21) දින සාර්ථකව අවසන් කිරීමට හැකි වු බව සමනල යෞවන සමාජය...
වාරි පද්ධතිය ජොගින් පද්ධතියක් බවට පත්නොකර ආරක්ෂා කරගත යුත්තේ ඇයි
වාරි පද්ධතිය ජොගින් පද්ධතියක් බවට පත්නොකර ආරක්ෂා කරගත යුත්තේ ඇයි අපේ වසර 2500කට වැඩි වූ ඉතිහාසය දෙස බැලීමෙදී අපේ ශීෂ්ඨාචාරය ලෝකයේ අනෙක් සියළුම ශීෂ්ඨාචර අතුරෙන් සැකයකින් තොරව, වෙන්කර පෙන්වා දීමට එක් අනන්‍යවු සංකේතයක් ඇත. ඒ ...
සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්
සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක් යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොලොන්න ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය තුල පිහිටා ඇති බොහෝ ඉඩම් ප්‍ර...
මහකන්නයට කාබනික පොහොර ලබා දෙන්න ගොවියෙකු සුදානම්
මහකන්නයට කාබනික පොහොර ලබා දෙන්න ගොවියෙකු සුදානම් මහවැලි එච් කළාපයේ, මහඉලුප්පල්ලම කොට්ඨාශයේ අක්කර 10 200 ක භූමි ප්‍රමාණයක් වෙනුවෙන් පසුගිය කන්නයේ රසායනික පොහොර ලෙස යූරියා කිලෝ 880 000 ක්, ටී.එස්.පී පොහොර කිලෝ 2...

Print   Email