27 April 2024
#දේශීය

කාබනික පොහොර වලින් වගාව ජයගත් ගලේවෙල ගොවියෙක්

කාබනික පොහොර නිෂ්පාදනය මෙන්ම එම පොහොර යොදා වගා කටයුතුවල නිරත වු ගොවි මහතෙකු පසුගියදා ගලේවෙල,පට්ටිවෙල ප්‍රදේශයේදි හමුවිය.ඒ ආර්.ආර් දිවාකර මහතාය.

රජය විසින් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර කෙරෙහි ගොවින් උනන්දු කරවිම මේ වන විටත් සිදු කරන අතර ඇතැම් ගොවින් එයට අනුගත වෙමින් සිටින අතර ඇතමෙක් මෙය ප්‍රතික්ෂෙප කරමින් සිටියි.

දිවාකර මහතා කොරියාවේ විදේශගත රැකියාවක වසර 10ක් පමණ නිරත වි නැවත ලංකාවට පැමිණ මෙම කාබිනක වගාවෙන් ගොවිතැන ආරම්භ කර ඇති අතර මේ සදහා පවුලේ සියලු දෙනාගේ සහය හිමිවන බවද ඔහු පැවසිය.

වසර කිහිපයක් තිස්සේ තමන් මෙම අත්හදා බැලිම් සිදු කළ බවත් වත්මන් රජය විසින් සිදු කරන කාබනික පොහොර නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දෙමින් මාසිකව කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 7ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට හැකි බවද දිවාකර මහතා පැවසිය.

මේ වන විට දිවාකර මහතාගේ ඉඩමේ සාර්ථක කාබනික ‍වගාවක් සිදු කර ඇති අතර වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙන බවත් වගාවන් අතර බිට්,මාළු මිරිස්,අමු මිරිස්,ලුණු,රාබු.තක්කාලි ඇතුලු එලවලු විශාල ප්‍රමාණයක් වගා කර ඇති බවත් ඒ සදහාද විශාල ඉල්ලුමක් පවතින බවද හෙතෙම පැවසිය.

කාබනික පොහොර නිෂ්පාදනය සදහා සැල්විනියා,පොහොර ගොම, ඇල්බීසියා, පිදුරු, කුකුල් පොහොර, මාන, ලීකුඩු, දහයියා අගුරු, ගල් අගුරු කුඩු වගේ දේවල් යොදා ගන්නවා. මේ මිශ්‍රණයේ ශාකයක් හැදෙන්න අවශ්‍ය සියලුම මුල ද්‍රව්‍ය ඇති බවත් මේ සදහා කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ගේ සහයෝගය ලැබෙන බවත් ආණ්ඩුකාරවරයාගේ පැමිණිම සතුටට කරුණක් බවද හෙතෙම පැවසිය.

වගා භූමිය සහ කාබිනික පොහොර නිෂ්පාදන ඒකකය නිරික්ෂණය කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ ගොවියන් කෘෂි ව්‍යවසායකයන් ලෙස සංවර්ධනය කිරීමේ සදහා අවශ්‍ය සහාය රජයක් වශයෙන් හා ජනාධිපතිවරයාගේ දැක්මත් සාක්ෂාත් කිරීම සඳහා මධ්‍යම පලාත් සභාව හා පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව , රේඛිය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු නිසි සම්බන්ධීකරණයෙන් මෙම කටයතු විධිමත් ලෙස ක්‍රියාත්මක බවත් ඒ තුළින් මහ කන්නයට අවශ්‍ය පොහොර නිෂ්පාදනය සදහා ඇති අභියෝගය ජය ගැනීම සදහා ක්‍රියාකිරීම සැමගේ වගකීම බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *