විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්රජාතන්ත්රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගෑස් සඳහා මිල සුත්‍රය මත සෑම මසකම 05 වනදා දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි ලාඕස් වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානය වෙත භාර දෙන ලදි.
විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ එක්ව ක්‍රියාකාරකම් තුළින් අත්දැකීම් හුවමාරු කර ගනිමින් මිත්‍රශීලී සහයෝගිතා වැඩපිළිවෙළක් රටට දායාද කර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා පවසයි.
චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය නොකියන්නේ තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව එකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොව අනාගත දරු පරම්පරාවට බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය 29 වැනි දින පැවැත්විණි.