යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද ( 04) අළුයම් කාලයේදී සිදුකල නාවික හමුදා මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (තෙත බර සහිත) තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරය සඳහා නව ප්‍රධානීන් දෙනෙකු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අද (04) පත්වීම් ලිපි ලබා දී ඇත.
SLT මොබිටෙල් ආයතනය මගින් පිරිනමන පහසුකම් රැසක් පිරි “Youth Pack” ජංගම දුරකතන සම්බන්ධතාවය ජාතික තරුණ සේවා සභාවේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් හට මහගු පිටුවහලක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය, නව ලංකා නිදහස් පක්ෂය සහ විජය ධරණි ජාතික සභාව ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විදේශ රැකියා ගෘහ සේවයට මුල් තැන් ලබා දි කටයුතු කිරිම තුලින් වෘත්තිය පුහුණු ලැබුවන්ට විදේශ ගත විමට අවස්ථා අවම වි යන බව වාර්තා වේ.
වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් එකක් බවත් ඔහු ජනාධිපතිවරයා ලෙස කරනු ලබන ප්‍රකාශයේ කියවෙන ආර්ථික කඩාවැටීම්, වංචා දූෂණ ඉහවහා යාම පිළිබඳව කරුණු ඔහුටද අදාළ වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.