බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමු කළ ඕනෑ ම ලාංකිකයකුට ගුවන් තොටුපළේ දී තීරු බදු සහනය ඉහළ දැමීමටත්, ඉලෙට්‍රික් වාහනයක් ආනයනයට අවසර දෙන බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා මාලඹේ සහ මීරිගම ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් ඊයේ (01) රණවිරු සේවා අධිකාරිය පැවැත්විණි.
ලේක්හවුස් ආයතනය සංචාරක හෝටලයක් කිරීමට කිසිදු අවස්ථාවකදී සැලසුම් කර හෝ එය සිහිනෙන්වත් සිතුවේ නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඉන්දීයානු රජයේ ආධාර යටතේ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහල් කිලෝ 90,000 ක(ටොන් අනූවක) ප්‍රමාණයක් ලැබුණු බවත් එය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් ඒකක 9724 ට බෙදා දීමට සැලසුම් කර ඇති බව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.
රට නැවත අසමත් රාජ්‍යයක් කර ඒ් තුළින් තමන්ගේ මෙතෙක් කල් දිනාගන්න බැරි වු දේවල් දිනා ගන්න දරන උත්සාහයක් ද කියන එක ගැන බුද්ධියෙන් විමසා බලන්න කියා මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන්න කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු ඊයේ (31) දින නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.