ජනතා ප්‍රශ්න විසදමින් රට ගොඩනැගිය හැක්කේ සියලුදෙනා එකට එක්වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කිරීම සිදු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්වන ලෙස ආරාධනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සාමකාමී අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතු බවත් ආර්ථිකය විනාශ කළ හොර තක්කඩි දැන් ජනතාව බිය වැද්දීමේ බියගුලු ක්‍රියා වහාම නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
රටට නව රජයක් අවශ්‍ය බව අතර ජනතාවගේ මතය විමසීමක් සිදු කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කුරුණෑගල, කිඩපොල ප්‍ර දේශයේදී ඊයේ (28) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල වැටලීමකදී නීති විරෝධි මත්පැන් සමඟ අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.