මැතිවරණ සමයේදී ගම් බිම් වල ඇවිද දාඩිය මහන්සියෙන් කැප කිරීම් කර ආණ්ඩුවක් පත් කර ගත්තේ එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්නට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
ආණ්ඩුව මැතිවරණය කල් දැමිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්රණයක නිරත වී සිටින බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මහනුවර පැවති උත්සවයක් අමතමින්.
අපේ රටේ ඇතැම් පුද්ගලයින් සතුව තිබෙන්නේ වහල් සිතුම් පැතුම් බවත් අපේ රජය පෙරලා දමා එන්න හදන්නෙත් වහල් සිතුම් පැතුම් තිබෙන පුද්ගලයින් පිරිසක් බවත් අපි ආරම්භ කළ වැඩිපිළිවෙල සමහරුන්ට තේරෙන්නේ නැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලංකාවේ නායකයෝ නායිකාවෝ නොමැති බවත් අපේ රටේ වැඩි හරියක් ඉන්නේ කවුරුන් හෝ පසු පස ගොස් කවුරුන් හෝ කියන දේවල් කරන පිරිසක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වගකීමෙන් ආණ්ඩුවට ගැලවීමක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් විරවංශ මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මීට වසර තුනකට පෙර නව රැකියා අවස්ථාවන් දසලක්ෂයක් උත්පාදනය කිරීමට දසඅතේ පොරොන්දු වී බලයට ආ මේ වැඩබැරි ආණ්ඩුව අවම තරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසට හෝ රැකියා අයිතිය සුරක්ෂිත කිරීමට අසමත් වී තිබෙන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (03 ) දින පවත්වන වැඩවර්ජනය මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු හේතු පාඨ දක්වමින් සිදු කරනු ලබන වැඩ වර්ජනයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.