ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ‘A’ කණ්ඩායම් නියෝජනය කරමින් මෙරටදී පැවැත්වීමට නියමිත ප්‍රමුඛ පෙළේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය ‘A’ කණ්ඩායම අද (05) දිවයිනට පැමිණියේය.
මෙම තරගාවලිය ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නංවා ගැනීමට සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීමට වැදගත් වේදිකාවක් වනු ඇතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ විචාරකයෝ පවසති. දකුණු ආසියානු කලාපයේ දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම් තුනක් එකිනෙකා හමුවන මෙම තරගාවලිය පිළිබඳව ක්‍රිකට් ලෝලීන් අතර විශාල උනන්දුවක් පවතී.
















