ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල ‘A’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය අද (14) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන 15 හැවිරිදි ප්‍රහාරාත්මක පිතිකරු වෛභව් සූර්යවංශි ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඔහුට අමතරව මෙවර අයි.පී.එල්. (IPL) තරගාවලියේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වන ප්‍රභ්සිම්රාන් සිං ද සංචිතයට නම් කර ඇත.
එළැඹෙන ජූනි මාසයේදී මෙම තුන්කොන් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා සහ ඉන්දියා ‘A’ කණ්ඩායම් අතර සිව්දින තරග දෙකක් ද පැවැත්වීමට නියමිතය. රියන් පරග් උප නායකත්වය දරන ඉන්දීය සංචිතයට ප්‍රියංෂ් ආර්යා, ආයුෂ් බදෝනි, නිශාන්ත් සින්ධු, හර්ෂ් ඩුබේ, සූර්යන්ෂ් ෂෙජ්, කුමාර් කුෂාග්‍රා, විප්රාජ් නිගම්, යෂ් තාකූර්, යුද්වීර් සිං, අන්ෂුල් කම්බෝජ් සහ අර්ෂාඩ් ඛාන් යන ක්‍රීඩකයෝ ඇතුළත් වෙති.














