ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ත්‍රිත්ව එක්දින තරඟාවලිය අතරතුර, ඉන්දීය A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
දඹුල්ලේ පැවති මෙම තරගය සුපිරි ඕවරයකින් (Super Over) ශ්‍රී ලංකා A කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, එම පරාජයත් සමඟම ඉන්දීය ක්‍රීඩකයන් වන වයිභව් සූර්යවංශි සහ සූර්යන්ෂ් ෂෙජ් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ පිටිය මැදදී උණුසුම් වචන හුවමාරුවක නිරත විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන BCCI ආරංචි මාර්ග පවසන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියකදී ක්‍රීඩකයන්ගෙන් අපේක්ෂා කරන විනය සහ ක්‍රීඩාශීලීත්වය බිඳ දැමීමට කිසිදු ක්‍රීඩකයෙකුට අවසර නොමැති බවයි. තරගයේ උණුසුම නිසා ඇතිවන මෙවැනි හැසිරීම් බරපතල ලෙස සලකන බවත්, අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදු වුවහොත් දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අදාළ ක්‍රීඩකයන්ට අවවාද කර ඇත.
තරගයක ජය පරාජය ක්‍රීඩාවේම කොටසක් බවත්, කණ්ඩායම් අතර ගෞරවනීය සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සෑම ක්‍රීඩකයෙකුගේම වගකීමක් බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.
















