දඹදිව වන්දනාකරුවන් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලබාදී තිබූ සහනදායී වීසා පහසුකම මේ වනවිට නතර කර ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමය පවසයි.මීට පෙර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි සංවිධායකයන් හරහා වන්දනාකරුවන්ගේ ලියකියවිලි ඉදිරිපත් කර පහසුවෙන් වීසා ලබාගැනීමේ අවස්ථාව පැවතිය ද, මේ වන විට එම පහසුකම අත්හිටුවා ඇත.
සාමාන්‍ය සංචාරකයෙකු ලෙස වන්දනාකරුවන්ද පෞද්ගලිකව කොළඹට පැමිණ වීසා ලබාගත යුතු තත්ත්වයක් උදාවී තිබේ.සහනදායී ක්‍රමය යටතේ පැවති රුපියල් 3,875ක වීසා ගාස්තුව වෙනුවට වර්තමානයේ රුපියල් 9,850ක මුදලක් ගෙවීමට සිදුවීම වන්දනාකරුවන්ට දැඩි ආර්ථික බරක් වී තිබේ.කණ්ඩායම් වශයෙන් වීසා ලබාගැනීමට තිබූ පහසුකම අහිමි වීම නිසා වන්දනා ගමන් සංවිධානය කිරීමේදී බාධාවන් මතුව ඇති බව සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා ප්‍රකාශ කරයි.
















