ජූනි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන (ATF) සඳහා වන අපනයන බදු අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
පෙට්‍රල් සඳහා අපනයන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 1.50 දක්වා අඩු කර ඇත. ඩීසල් සඳහා වන අපනයන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 13.50 දක්වා අඩු කර තිබේ. ගුවන් යානා ටර්බයින ඉන්ධන සඳහා අපනයන බද්ද ලීටරයකට ඉන්දීය රුපියල් 9.50 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.















