ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන වතු කම්කරු නිවාස ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (29) සිදුවිය. මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් සරණ්‍යා වයි. එස්. සහ ශ්‍රී ලංකාවේ වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ.වී. සමන්ත විද්‍යාරත්න මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ දෙවන පියවර යටතේ මෙම නිවාස ඉදිකෙරේ. පළාත් සභා හමක වතු ප්‍රජාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති අතර, ඉන්දීය රජය විසින් මෙරට වතු ජනතාව වෙනුවෙන් නිවාස 60,000කට අධික ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 18කට වැඩි ප්‍රදාන ආධාර ලබා දී තිබේ.
















