ඉන්දියාව සහ ජපානය අතර ආර්ථික සබඳතා සහ ආයෝජන කැපවීම් තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2026 මුදල් වර්ෂයේදී පැවැති ඩොලර් බිලියන 27.47 සිට 2030 වන විට ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යා හැකි බව ASSOCHAM නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
ටෝකියෝ නුවර පැවැති ව්‍යාපාරික වටමේස සාකච්ඡාවකදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් විසින් එළිදක්වන ලද “India-Japan @75: From Enduring Friendship to Strategic Business Partnership” වාර්තාවට අනුව, 2021 සිට 2026 දක්වා කාලසීමාව තුළ ඉන්දු-ජපාන වෙළඳාම සියයට 33ක වර්ධනයක් වාර්තා කර ඇත. මෙය අමෙරිකාව, යුරෝපා සංගමය සහ චීනය සමඟ ඉන්දියාව පැවැත්වූ වෙළඳ වර්ධනයට වඩා ඉහළ අගයකි. ඉන්දියාවේ පස්වන විශාලතම ආයෝජකයා වන ජපානය ඉදිරි දශකය තුළ ඉන්දීය පෞද්ගලික අංශයේ ජපන් යෙන් ට්‍රිලියන 10 ක ආයෝජනයක් සිදුකිරීමට ද කැපවී සිටියි.














