ඉන්දු-පැසිෆික් කලාපයේ දේශපාලන ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඉන්දියාව සහ ජපානය අතර උපාය මාර්ගික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට විශේෂ ගිවිසුමකට එළඹ තිබේ. 16 වැනි ඉන්දු-ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජපාන අගමැතිනිය සනායි ටකේචි සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවැති විශේෂ සාකච්ඡාවලින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙරට අතර දැනට ක්‍රියාත්මක ආරක්ෂක ව්‍යාපෘතිවල ප්‍රගතිය, ඒකාබද්ධ නාවික අභ්‍යාස සහ සාගර කලාපීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් කෙරෙහි දෙරට නායකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇත. මීට අමතරව තාක්ෂණය, බලශක්ති, ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්රයන් හි සහයෝගිතාව පුළුල් ලෙස ඉහළ නැංවීමට ද දෙරට අතර එකඟතාව පළ වී තිබේ.
මෙම නව සබඳතාවල තවත් සුවිශේෂී පියවරක් ලෙස ඉන්දියාව තුළ ව්‍යාපාරික සබඳතා වර්ධනය කිරීම, යටිතල පහසුකම් නැංවීම, විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්රයේ සහයෝගිතාව, කෘත්‍රිම බුද්ධිය (AI) සහ නවෝත්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක දැවැන්ත ආයෝජනයක් කිරීමට ද ජපානය මෙහිදී එකඟ වී ඇත.
















