ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම මුලින් සැලසුම් කර තිබූ සිව්දින පුහුණු තරගය දින තුනක් දක්වා අඩුකර තිබේ.මුලින් දින හතරක තරගයක් ලෙස සැලසුම් කර තිබූ මෙම පුහුණු තරගය මේ වනවිට අගෝස්තු 07 සිට අගෝස්තු 09 දක්වා දින තුනක් පැවැත්වීමට තීරණය කර ඇති අතර, සංචාරය සඳහා ඉන්දීය සංචිතය ප්රකාශයට පත් කරන විට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය (BCCI) ප්රකාශ කර තිබුණේ කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර කොළඹදී දින හතරක පුහුණු තරගයක් ක්රීඩා කරන බවයි. කෙසේ වෙතත්, කාලසටහන මේ වනවිට සංශෝධනය කර ඇති අතර BCCI සහ ඉන්දීය කණ්ඩායම් කළමනාකරණය ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ට මෙම වෙනස පිළිබඳව දැනුම් දී තිබුණද, මෙම සංශෝධිත කාලසටහන පිටුපස ඇති නිශ්චිත හේතුව නිල වශයෙන් අනාවරණය කර නැත.මෙම පුහුණු තරගය කොළඹ NCC ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අනතුරුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී සහ දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.













