ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ භාණ්ඩ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක්, නොරොච්චෝලේ ආලංකුඩාව මුහුදු තීරයේදී පෙරළී යාමෙන් පසුව, එම යාත්‍රාවේ තිබී කෝටි 18ක් වටිනා මත්පෙති තොගයක් සොයාගෙන තිබේ.
අධික සුළං සහ සැඩ පහරකට හසුව මෙම යාත්‍රාව පෙරළී ගොස් ඇති අතර, මුහුදේ පාවෙමින් තිබූ මත්පෙති සහ යාත්‍රාව ආලංකුඩාව නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව එම භාණ්ඩ සහ යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය විජය නාවික හමුදා කඳවුර වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මෙම මත්පෙති තොගය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රහසිගතව ගෙන ඒමට උත්සාහ කර ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
















