27 April 2024
#දේශීය

වතු පාසල් සංවර්ධනයට ඉන්දීය සහය

ශ්‍රී ලංකාවේ වතු පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියාවේ සහය ලැබී තිබෙන බව වාර්තා වෙයි.

 
ඊට අදාළ  අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් විනෝද් කේ. ජාකොබ් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද විසින්  ඊයේ (20) අත්සන් තබා ඇත.
 
 
මේ යටතේ පාසල් නවයක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ඊට ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක් වැය කිරීමට නියමිතය.
 
අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ගැඹුරු කරමින් ඉන්දීය රජය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ව්‍යාපෘති කිහිපයක් මේවන විටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරමින් සිටියි. උතුරු පළාතේ බොහෝ පාසල් ගොඩනැගිලි ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම ද ඉන්දියානු ආධාර යටතේ සිදු කෙරේ. 
 
එසේම ඉන්දියාව, ශ්‍රී ලංකාවේ විශාලතම විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරය රුහුණු විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *