ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ඇසෑම් ප්‍රාන්තයේ ජෝර්හාට් ගුවන් හමුදා කඳවුරේදී අද (13) අනතුරට ලක්ව තිබේ.
යානය ජෝර්හාට් ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට උත්සාහ කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය ගුවන් හමුදාව තහවුරු කරයි. ඉන්දීය ගුවන් හමුදාවේ 43 වන බලඝණයට අනුයුක්තව සේවයේ යෙදී සිටි මෙම යානය අනතුරට පත් වූ නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ සිටි කාර්ය මණ්ඩලයේ තත්ත්වය හෝ ඔවුන්ට සිදු වූ හානිය පිළිබඳව කිසිදු නිල තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.
















