කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














