27 April 2024
#දේශීය

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී මෙරට ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් ඊයේ (14) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

එහිදි රට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් නිලධාරින් දෙදෙනා සුහද කතාබහක නිරත විය.

මෙම හමුවේදී අමාත්‍ය තෙන්නකෝන් සහ අද්මිරාල් කුමාර් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා සහ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධතා නිලධාරි කර්නල් තුසිත බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි ද සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *