ඕමාන වෙරළට ඔබ්බෙන් වූ නෞකාවකට අමෙරිකානු හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව අතුරුදහන්ව සිටි ඉන්දීය නාවිකයින් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය නාවික අමාත්‍ය සර්බානන්ද සොනෝවාල් මහතා තහවුරු කරයි.
මෙම සිද්ධිය “ඛේදජනක” පාඩුවක් ලෙස හඳුන්වන අමාත්‍යවරයා, අතුරුදහන්ව සිටි නාවිකයින් තිදෙනාගේම මළ සිරුරු සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සතිය මුලදී සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව ඇති අතර, එම ප්‍රදේශයේ පවතින යුද උණුසුම මධ්‍යයේ සිදුවූ මෙම සිද්ධිය කලාපීය වශයෙන් දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.
















