27 April 2024
#විදෙස්

ඉන්දිය දුම්රිය අනතුරින් මිය ගිය ගණන 288 දක්වා ඉහලට

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී පුද්ගලයින් 288 ක් මේ වන විට මිය ගොස් ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කලේ මේ අතර තුවාල ලැබුවන් 1091 දක්වා වැඩි වී ඇති අතර 56 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ මාරාන්තික දුම්රිය අනතුර සිදු වූයේ සෙනසුරාදා රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදු වු දෝෂයක් හේතුවෙන් බව මුළික විමර්ශනවලදී අනාවරණ වු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *