27 April 2024
#විදෙස්

ඉන්දුනීසියා භූ චලනයෙන් 82ක් මරුට

ඉන්දුනීසියාවේ හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කළේ මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවී ඇත්තේ ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලින් බවයි.

ඊයේ (05) පස්වරුවේ හටගත් එම භූ චලනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 7ක් ලෙසය.

මෙහි ප්‍රබලත්වය බාලි දූපතට ද දැනී තිබුණු අතර ලොම්බොක් දිවයිනේ පුද්ගලයන් රැසක් සිය උන්හිටි තැන් අතහැර ආරක්ෂිත ස්ථාන කරා දිවගිය බව ඉන්දුනීසියා ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ ය.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ, සුන්බුන්වලට යටවීමෙන් බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *