27 April 2024
#පුවත් #සංවර්ධන

Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ

Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. මෙය අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කරනු ඇත.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම දකුණු පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 Galle Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීමද සිදුකොට දී තිබෙයි.

එහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා “පසුගිය කොරෝනා සමය සහ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ව්‍යවසායකයන් වෙහෙසකට පත්වුනා. නමුත් එවැනි අපහසු කාලසීමව තුළත් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩොලර් මිලියන 13.1 ක් උපයා ගන්නට හැකිවුනා. ව්‍යවසායකත්වය දියුණු නොකිරීමේ විපාක අප පසුගිය කාලය තුළ භුක්ති වින්දා. රටක් ආර්ථිකමය වශයෙන් ස්ථාවර වීමට නම් ශක්තිමත් කර්මාන්ත ආර්ථිකයක් අවශ්‍යයි. එම අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම ප්‍රදර්ශන මාලාව පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම සාම්ප්‍රදායිකව අපනයන ආදායම් ලබා දෙන තේ සහ ඇගලුම් කර්මාන්ත කේෂ්ත්‍රයන්ට අමතරව ගිය වසරේ මෙන්ම මෙම වසරේදීත් සුළු ඉලෙක්ට්‍රෝනික උපාංග, විදුලි ඉංජිනේරු කේෂත්‍රය, ඖෂධ නිෂ්පාදනය, රූපලාවණ්‍යය කේෂ්ත්‍රය සහ ස්වර්ණාභරණ සහ මැණික් ආශ්‍රිත නිෂ්පාදන යන කේෂ්ත්‍ර ඉදිරියට ඒමේ ප්‍රවනතාවක් තිබෙනවා. එමෙන්ම පසුගිය වසර දෙක තුළ අප හදුනා ගත්තා මෙරට තුළ දියුණු කළ යුතු ආරක්ෂා කළ යුතු අංශ ගනනාවක් තිබෙන බව. එම අංශ ප්‍රවර්ධනට කර්මාන්ත අමාත්‍යංශයත්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් කටයුතු කරමින් සිටින බව කිවයුතුයි”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ප්‍රදර්ශන දෙසැම්බර් 29 සහ 30 දෙදින පුරා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *