මේ දිනවල ශීඝ්රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගර්භිණී මව්වරුන්ට වැඩි වශයෙන් වැළඳීමේ අවදානමක් පවතින බව ප්රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පවසයි.
වාර්ෂිකව මෙම කාලයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වීම ඉහළ යන බවත්, ගර්භිණී මව්වරුන්ට මෙම රෝගය වැළඳීමෙන් පසු ප්රතිශක්තිය අඩුවීම හේතුවෙන් නිසි ප්රතිකාර නොගත්තොත් එය ඉන්ෆ්ලුවෙන්සා නිව්මෝනියා තත්ත්වයට පත්ව ජීවිත අනතුරකට වුවද ලක්විය හැකි බව ඔහු අවධාරණය කරයි. ගර්භිණී මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු 60 ඉක්මවූවන් සහ නිදන්ගත රෝගීන් මෙම අධි අවදානම් කාණ්ඩයට අයත් වන බැවින්, සෙම්ප්රතිශ්යාව, උණ, කැස්ස හෝ ශරීර වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්ය ප්රතිකාර වෙත යොමු වන ලෙසත් සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටින ලෙසත් විශේෂඥවරුන් ඉල්ලා සිටී.
















