ඉංගිරිය – කොළඹ මාර්ගයේ රයිගම්පුර ප්රදේශයේදී ඊයේ (25) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. බෑවුම් සහිත ප්රදේශයක නවතා තිබූ ලොරි රථයක අත් තිරිංග හදිසියේ ලිහිල් වීම හේතුවෙන් රියදුරා නොමැතිව එය ඉදිරියට ධාවනය වී ඇති අතර, එහිදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක සහ ත්රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම ප්රතිකාර සඳහා ප්රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇත.
















