හොරණ ඩිපෝවට අයත් ඉංගිරිය – කරදන ශ්රී ලංගම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට කළු තෙල් මිශ්ර අසූචි සහ ගල් ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක රියදුරකු සහ එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.
ප්රහාරයට සම්බන්ධ බව කියන පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් පසු, එහි හිමිකරු ඉංගිරිය පොලිසිය අසලට පැමිණ තිබේ. එහිදී සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමට පැමිණ සිටි ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා සමඟ ඔහු ගැටුමක් ඇතිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී මැදිහත් වූ පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත බස් රථයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රහාරයෙන් තුවාල ලැබූ ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. කොන්දොස්තරවරයාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (28) හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.













