• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව නිපැයුම් තුලින් ජාත්‍යන්තර වෙළඳපොල ජය ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

17 August 2020
in දේශීය

මෙරට පවතින වේවැල්, පිත්තල, මැටි සහ දැව ආශ්‍රිත සාම්ප්‍රධායික නිෂ්පාදන වලට අමතරව එම අමුද්‍රව්‍ය භාවිතයෙන් නව නිෂ්පාදන සිදු කර ජාත්‍යන්තර වෙළඳපොල ජය ගැනීම තම අරමුණ බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද දින සිය (17) කොළඹ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 36 වන මහලේ පිහිටි සිය අමාතයාංශයේ දී නිල වශයෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

සාම්ප්‍රදායික කර්මාන්ත නැංවීම, එහි ගැටළු වලට විසදුම් සෙවීම, එය ශක්තිමත් කර දේශිය ආර්ථිකයට නව වටිනාකමක් එක් කිරීමේ අරමුණෙන් තමන් වෙත පැවරූ වගකීම ඒ අයුරින්ම ඉටු කරන බවත් ජනාධිපති සහ අගමැතිවරයාගේ විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ මමත් පොඩි තැනකින් පැමිණි පුද්ගලයෙක් හැටියට පොඩි මිනිසුන්ට උදව් කිරීමට ලැබීම සතුටක් මාගේ විෂය පථයට ලැබිලා තියෙන්නේ දේශිය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමයි. ඒ තුළ අන්තර්ගත වී ඇති වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත යන සියලු කර්මාන්ත අපි ප්‍රවර්ධනය කරනවා. ඒ සඳහා නිළධාරීන්ගේ සහය මට ලැබෙයි කියා සිතනවා. ඒ අනුව අපි සියලු දෙනාම එකතු වෙලා රටට හොඳ දෙයක් කිරීමට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.“ යැයි පැවසීය.

මෙම අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක පිරිසක් සහභාගි විය.

Post Views: 40
Previous Post

අධීකරණ ඇමැති නීතිඥ අලි සබ්රි සිය ධුරයේ රාජකාරි අරඹයි

Next Post

නව අභියෝගවලට මුහුණ දෙන්න රජය සුදානම් බව ඇමැති දිනේෂ් කියයි

editor

editor

Next Post

නව අභියෝගවලට මුහුණ දෙන්න රජය සුදානම් බව ඇමැති දිනේෂ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved