27 April 2024
#දේශීය

නව අභියෝගවලට මුහුණ දෙන්න රජය සුදානම් බව ඇමැති දිනේෂ් කියයි

ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ලබා දී ඇති ජනවරමට අනුව, නව අභියෝගයන්ට මුහුණ දීමට රජය සූදානම් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (17) සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින්.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍ය ගුණවර්ධන මහතා පිළිගනු ලැබීය.

බලයේ පවතින මෙම රජය සහ එහි නොබැඳි හා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය මගින් රටට වාසිදායක වන ප්‍රධාන වෙනස්කම් ගණනාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. මෙම ප්‍රයත්නයේ දී රජය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඔහු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

පශ්චාත්-කොවිඩ් -19 යුගයේ පැන නගින ගැටලු විසඳීම සඳහා රජය දරන ප්‍රයත්න හුවා දක්වමින්, ඉදිරි වසර කිහිපය තුළදී, ශ්‍රී ලංකාව සිය ආර්ථික ඉලක්ක සපුරාලීමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම සන්දර්භය හමුවේ, ශ්‍රී ලාංකිකයින්ගේ අපනයන, ආයෝජන සහ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, වාණිජ දෙපාර්තමේන්තුව ද විදේශ අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *