• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රී රාසමානික්කම්ගේ ප්‍රකාශය ගැන පරික්ෂණයක් – නැගෙනහිර පලාත් ආණ්ඩුකාර

10 September 2021
in දේශීය

නැගෙනහිර පළාතේ අනවසර වැලි කැණිම් සිදු වන බවට දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්‍යක්යන් රාසමානික්කම් මහතා පසුගිය අඟහරුවාදා(07) පාර්ලිමේන්තුවේ සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

ඇය ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන්නැය නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (09) නියෝග කළාය.

එම පරීක්ෂණය ඉතා කඩිනමින් සිදු කර ඊට අදාළ වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදෙන ලෙස ද ඇය නියෝජ්‍ය පොලිස්පතිවරයාට කිවාය.
නැගෙනහිර පළාතේ වැලි කැණිම් සම්බන්ධව රජයටත්, රජයේ මැති ඇමතිවරුන්ටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින්ටත් පුද්ගලිකව තමන්ටත් පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගනිමින් රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙම චෝදනාව සිදු කළ බවද ඇය කීවාය.

මහවැලි ගග ආශ්‍රිතව සිදුවන වැලි කැණිම් කාලයක් පුරා සිදුවන අතර මේ සදහා පූර්ණ අවසරය ලබාදෙන්නේ භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යංශය මගිනි. අවස්ථා ගණනාවකදිම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විම් වල දී මෙම අනවසර වැලි කැණීම් නතර කරන ලෙස තමන් දැඩිව තීන්දු තීරණ ගත් බවද ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය.

මෙම අවසරපත් ලබා ගන්නා පුද්ගලයන් එම අවසරපත් වල සදහන් කොන්දේසි අමු අමුවේ උල්ලංඝණය කරමින් වැලි කැණීම් සිදු කරන බව ඇතැම් අවස්ථා වලදී පෙනී ගිය බැවින් ඒවා නතර කිරීම කටයුතු කරන ලෙස පොලිස් විශේෂ කාර්යය බලකායට සහ නාවික හමුදාවට උපදෙස් දුන් අතර ඔවුන් හරහා විශේෂ වාර්තාවක්ද ලබාගෙන ජනාධිපතිවරයාට භාරදිමට අණ්ඩුකාරවරිය කටයුතු කළාය.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා මෙම නීතිවිරෝධි වැලි කැණිම් නතර කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කර තිබියදී රාසමානික්කම් මන්ත්‍රීවරයා කිසිදු සොයා බැලීමකින් තොරව ඒ සදහා ක්‍රියාමාර්ග නොගත් බව සදහන් කරමින් නගන චෝදනා පදනම් විරහිත බවද ආණ්ඩුකාරවරිය කීවාය.

කෙසේවෙතත් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් මෙම චෝදනා වල සත්‍ය අසත්‍යතාවය රටට හෙළිවෙනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙවැනි අනවසර වැළි කැණිම් සදහා තමන් උදව් උපකාර කරන බවට රාසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙමින් සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

 

 

 

 

මහේෂ් කිර්තිරත්න

Post Views: 11
Previous Post

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මුදල් තැන්පතුව ඉහළට – මහබැංකුව

Next Post

ජනපති යන විදේශ සමුළුවට අයෝමා රාජපක්ෂ පෞද්ගලික වියදමින් යන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

editor

editor

Next Post

ජනපති යන විදේශ සමුළුවට අයෝමා රාජපක්ෂ පෞද්ගලික වියදමින් යන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved