ඉන්දියානු නාවික හමුදාවට අයත් INS Sunayna නෞකාව, “IOS Sagar” ලෙස රටවල් 16ක බහුජාතික නාවික පිරිසක් සමඟ හෙට (15) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. රටවල් රැසක නාවික නිලධාරීන් සහ සෙබළුන් සඳහා ඉන්දියාවේදී ලබාදුන් ඒකාබද්ධ පුහුණු වැඩසටහනකින් අනතුරුව 2026 අප්‍රේල් 2 වනදා මුම්බායි නුවරින් ආරම්භ වූ මෙම සංචාරයේ හත්වන නැවතුම ලෙස කොළඹ වරායට පැමිණීම සනිටුහන් වෙයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක නියෝජිතයන් මෙම පිරිසට ඇතුළත් වන අතර, ඔවුන් සංචාරය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ වෘත්තීය සහ ක්‍රීඩා කටයුතුවල නිරත වීමට මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට ද සැලසුම් කර ඇත. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ “MAHASAGAR” දැක්මට අනුව කලාපීය නාවික ආරක්ෂාව සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම සුවිශේෂී මෙහෙයුම ක්‍රියාත්මක වේ.














