• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

INSEE Cement සහ ආරක්ෂක අමාත්‍යාංශය එක් වී රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහනදායී මිලට සිමෙන්ති පිරිනමයි

19 July 2023
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රණවිරු සේවා අධිකාරිය සමග විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය.

මෙම ගිවිසුම යටතේ යුද්ධයේදී ආබාධිත වූ හෝ මරණයට පත් වූ රණවිරුවන්ගේ පවුල්වලට සහනදායී මිලගණන් යටතේ සිමෙන්ති කොට්ට මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.

ත්‍රිවිධ හමුදාවන්හි සාමාජික සාමාජිකාවන් රට වෙනුවෙන් ඉටුකළ හා ඉටුකරන මෙහෙවරට උපහාරයක් වශයෙන් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහනදායී මිලගණන් යටතේ සිමෙන්ති මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා INSEE Cement සමාගම මෙම වසර ආරම්භයේදී පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, රණවිරු සේවා අධිකාරිය සමග ඇතිකරගත් මෙම ගිවිසුම එහි එක් පියවරකි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතා සහ INSEE Cement Sri Lanka සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි. INSEE Cement සමාගමේ නාලිකා සංවර්ධන සහ බාහිර කටයුතු ප්‍රධානී චන්දන නානායක්කාර මහතා සහ අලෙවිකරණ ප්‍රධානී ගයනි පෙරේරා මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූහ.

“රණවිරුවන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර වෙනුවෙන් අප ඔවුන්ට හදවතින්ම ස්තූතිවන්ත වනවා. මේ සහන මිලට සිමෙන්ති ලබාදීමේ වැඩසටහන, මෙම පවුල්වලට වැදගත් වන ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟා ගැනීමටත්, ඒ ඔස්සේ ප්‍රජාවන්ගේ යහපතට දායක වීමටත් ඔවුන්ට උපකාරී වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. මෙය සමාජයේ යහපත වෙනුවෙන් INSEE Cement දක්වන උනන්දුව හා කැපවීම නිරූපණය කරන තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. අත්වැලක් අවශ්‍ය පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අප සෑම විටම උත්සාහ කරනවා.” INSEE Cement Sri Lanka සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා පැවසී ය.

මෙම ගිවිසුම යටතේ, රණවිරු පවුල්වලට INSEE සංස්ථා සිමෙන්ති කොට්ට 300 ක් දක්වා සහන මිලට ලබාගත හැකි වේ. මෙම දීමනාව ලබාගැනීමට කැමති රණවිරු පවුල් ඒ සඳහා රණවිරු සේවා අධිකාරිය වෙතින් කූපන්පතක් ලබාගත යුතු ය. සිමෙන්ති මිලදීගන්නා අවස්ථාවේදී එම කූපන්පත ඉදිරිපත් කිරීම මගින් සහන මිලට සිමෙන්ති ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ.

“රණවිරු පවුල්වල සුභසිද්ධිය වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් හඳුන්වා දීම පිළිබඳව මා INSEE Cement සමාගමට ස්තූතිවන්ත වනවා. මෙය අපගේ රණවිරුවන්ට ලැබුණු සැබෑ උපහාරයක්. එය ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තම ජීවන තත්ත්වය වැඩිදියුණු කරගනිමින් සමාජයේ යහපතට දායක වීමට අවස්ථාව උදාකර දේවි.” රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතා පැවසී ය.

 

පිටපත – PR

 

Post Views: 15
Previous Post

විදේශ රැකියා සඳහා සම්බන්ධ කරන IGRS වැඩසටහන ග්ලෝකල් ෆෙයාර් ජනගත කෙරේ

Next Post

රාජ්‍ය ඇමැති චාමරගේ උපදෙස් මත පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරීයාගේ වැඩ තහනම් කෙරේ

editor

editor

Next Post

රාජ්‍ය ඇමැති චාමරගේ උපදෙස් මත පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරීයාගේ වැඩ තහනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved