• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

INSEE සිමෙන්ති, ආයතනික මාර්ග ගමනාගමන ආරක්ෂණ පද්ධතිය සඳහා ගෝලීය සහතිකයක් දිනා ගනී

31 March 2023
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විසඳුම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගමේ මාර්ග ගමනාගමන ආරක්ෂණ (RTS) කළමනාකරණ පද්ධතිය ISO 39001:2012 සහතිකයෙන් පිදුම් ලබා ඇත.

මෙරට පෞද්ගලික අංශයේ ආයතනයක් මෙම සහතිකය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගම Siam City Cement (Lanka) Limited නමින් ලියාපදිංචි කෙරුණු අතර, එම ආයතනය තායිලන්තය පදනම් කරගත් Siam City Cement Public Company Limited (SCCC) හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගම SCCC සමූහයට අයත් සමාගම් අතරින් මෙම සහතිකය හිමිකරගත් ප්‍රථමයා ද වේ.

“ISO 39001:2012 සහතිකය ශ්‍රී ලංකාවට සුවිශේෂී වේ. අපගේ මාර්ග ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව මෙම ගෝලීය සහතික හිමි වීමත් සමඟ තහවුරු වුණා.” යනුවෙන් INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා ප්‍රකාශ කළේය. “ ආයතනික වශයෙන් මාර්ග ආරක්ෂණයට මූලිකත්වය ලබා දී ඇති බව මෙන් ම, ඒ වෙනුවෙන් ඵලදායී සහ කාර්යක්ෂම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බව මේ රටේ ජනතාවට සහතික කිරීම ආයතනික පුරවැසියන්ගේ වගකීමක්. ඒ වගේ ම මේ රටේ අනෙකුත් සමාගම්වලටත් ඔවුන්ගේ මාර්ග ආරක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කරගැනීමට උපකාර කිරීම සඳහා අපි සූදානමින් සිටිනවා.” යනුවෙන් කුනිග් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) විසින් පිරිනමනු ලබන 39001:2012 තත්ත්ව සහතිකය INSEE සිමෙන්ති වෙත පිරිනැමීම සඳහා නිර්දේශ කරනු ලැබුවේ පරීක්‍ෂණය, පරීක්‍ෂා කිරීම සහ සහතික කිරීම පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Bureau Veritas විසිනි. මෙම තත්ත්ව සහතිකය මගින් INSEE සිමෙන්ති සහ එම සමාගමේ කසළ කළමනාකරණ අංශය වන INSEE Ecocycle යන අංශ දෙක ම ආවරණය කරයි. එමෙන් ම එමගින් සංවිධානාත්මක ආයතනික ක්‍රියාවලියක් තුළ ගුණාත්මක මාර්ග කළමනාකරණයක් ගොඩනංවා ගැනීම සඳහා මාර්ගෝපදේශ සපයයි. මාර්ග රථවාහන අනතුරු සහ එමගින් සිදු වන මරණ හා බරපතල තුවාල ඇතිවීමේ අවදානම අවම කිරීම මෙන් ම ඒ වෙනුවෙන් කැප වන ආයතනවලට සහයෝගය ලබා දීම එහි මූලික අරමුණයි.

“අපගේ පුළුල් බෙදාහැරීමේ ජාලය මගින් සමස්ත ශ්‍රී ලංකාව ම ආවරණය කිරීම සහ අපගේ මහාපරිමාණ මෙහෙයුම් ක්‍රියාවලිය තුළ INSEE සිමෙන්ති සැපයුම් ආශ්‍රිත මෙහෙයුම්, වසරකට කිලෝමීටර මිලියන 20 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරනවා. මෙම තත්ත්ව සහතිකය සමඟින්, අපගේ මාර්ග ගමනාගමන ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය, මාර්ග ආරක්ෂාව වැඩි කිරීමට, මාර්ග තදබදය අඩු කිරීමට සහ අපගේ මෙහෙයුම්වල දී අවදානම අවම කිරීමට කටයුතු කරන බවට හොඳ ම නිදසුනක්.” යනුවෙන් INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී රන්දික මෝසස් මහතා ප්‍රකාශ කළේය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අනුව, ශ්‍රී ලංකාවේ දිනක දී සිදු වන සාමාන්‍ය මරණ අටකට මූලික හේතුව වන්නේ මාර්ග අනතුරුයි. සෑම වසරක ම රට පුරා මාර්ග අනතුරු 38,000 ක් පමණ සිදු වන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

ISO 39001:2012 තත්ත්ව සහතිකය INSEE සිමෙන්ති සමාගමේ තිරසාර සංවර්ධන ඉලක්ක 17 න් යහපත් සෞඛ්‍ය සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම (3 වන ඉලක්කය), ආරක්ෂිත මෙන් ම තිරසාර නගර හා මිනිස් ජනාවාස ගොඩනැංවීම (11 වන ඉලක්කය) සහ තිරසාර පරිභෝජන හා නිෂ්පාදන සංස්කෘතියක් සහතික කිරීම (12 වන ඉලක්කය) යන ඉලක්ක ආවරණය කරයි.

 

 

පිටපත – PR

 

Post Views: 11
Previous Post

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

Next Post

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී රැකගෙන ඉදිරි පරම්පරාව වෙත භාරදිය යුතුයි – අමාත්‍ය විදුර

editor

editor

Next Post

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී රැකගෙන ඉදිරි පරම්පරාව වෙත භාරදිය යුතුයි - අමාත්‍ය විදුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved