• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සිමෙන්ති, ආයතනික මාර්ග ගමනාගමන ආරක්ෂණ පද්ධතිය සඳහා ගෝලීය සහතිකයක් දිනා ගනී

31 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විසඳුම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගමේ මාර්ග ගමනාගමන ආරක්ෂණ (RTS) කළමනාකරණ පද්ධතිය ISO 39001:2012 සහතිකයෙන් පිදුම් ලබා ඇත.

මෙරට පෞද්ගලික අංශයේ ආයතනයක් මෙම සහතිකය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගම Siam City Cement (Lanka) Limited නමින් ලියාපදිංචි කෙරුණු අතර, එම ආයතනය තායිලන්තය පදනම් කරගත් Siam City Cement Public Company Limited (SCCC) හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගම SCCC සමූහයට අයත් සමාගම් අතරින් මෙම සහතිකය හිමිකරගත් ප්‍රථමයා ද වේ.

“ISO 39001:2012 සහතිකය ශ්‍රී ලංකාවට සුවිශේෂී වේ. අපගේ මාර්ග ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව මෙම ගෝලීය සහතික හිමි වීමත් සමඟ තහවුරු වුණා.” යනුවෙන් INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා ප්‍රකාශ කළේය. “ ආයතනික වශයෙන් මාර්ග ආරක්ෂණයට මූලිකත්වය ලබා දී ඇති බව මෙන් ම, ඒ වෙනුවෙන් ඵලදායී සහ කාර්යක්ෂම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බව මේ රටේ ජනතාවට සහතික කිරීම ආයතනික පුරවැසියන්ගේ වගකීමක්. ඒ වගේ ම මේ රටේ අනෙකුත් සමාගම්වලටත් ඔවුන්ගේ මාර්ග ආරක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කරගැනීමට උපකාර කිරීම සඳහා අපි සූදානමින් සිටිනවා.” යනුවෙන් කුනිග් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) විසින් පිරිනමනු ලබන 39001:2012 තත්ත්ව සහතිකය INSEE සිමෙන්ති වෙත පිරිනැමීම සඳහා නිර්දේශ කරනු ලැබුවේ පරීක්‍ෂණය, පරීක්‍ෂා කිරීම සහ සහතික කිරීම පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Bureau Veritas විසිනි. මෙම තත්ත්ව සහතිකය මගින් INSEE සිමෙන්ති සහ එම සමාගමේ කසළ කළමනාකරණ අංශය වන INSEE Ecocycle යන අංශ දෙක ම ආවරණය කරයි. එමෙන් ම එමගින් සංවිධානාත්මක ආයතනික ක්‍රියාවලියක් තුළ ගුණාත්මක මාර්ග කළමනාකරණයක් ගොඩනංවා ගැනීම සඳහා මාර්ගෝපදේශ සපයයි. මාර්ග රථවාහන අනතුරු සහ එමගින් සිදු වන මරණ හා බරපතල තුවාල ඇතිවීමේ අවදානම අවම කිරීම මෙන් ම ඒ වෙනුවෙන් කැප වන ආයතනවලට සහයෝගය ලබා දීම එහි මූලික අරමුණයි.

“අපගේ පුළුල් බෙදාහැරීමේ ජාලය මගින් සමස්ත ශ්‍රී ලංකාව ම ආවරණය කිරීම සහ අපගේ මහාපරිමාණ මෙහෙයුම් ක්‍රියාවලිය තුළ INSEE සිමෙන්ති සැපයුම් ආශ්‍රිත මෙහෙයුම්, වසරකට කිලෝමීටර මිලියන 20 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරනවා. මෙම තත්ත්ව සහතිකය සමඟින්, අපගේ මාර්ග ගමනාගමන ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය, මාර්ග ආරක්ෂාව වැඩි කිරීමට, මාර්ග තදබදය අඩු කිරීමට සහ අපගේ මෙහෙයුම්වල දී අවදානම අවම කිරීමට කටයුතු කරන බවට හොඳ ම නිදසුනක්.” යනුවෙන් INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී රන්දික මෝසස් මහතා ප්‍රකාශ කළේය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අනුව, ශ්‍රී ලංකාවේ දිනක දී සිදු වන සාමාන්‍ය මරණ අටකට මූලික හේතුව වන්නේ මාර්ග අනතුරුයි. සෑම වසරක ම රට පුරා මාර්ග අනතුරු 38,000 ක් පමණ සිදු වන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

ISO 39001:2012 තත්ත්ව සහතිකය INSEE සිමෙන්ති සමාගමේ තිරසාර සංවර්ධන ඉලක්ක 17 න් යහපත් සෞඛ්‍ය සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම (3 වන ඉලක්කය), ආරක්ෂිත මෙන් ම තිරසාර නගර හා මිනිස් ජනාවාස ගොඩනැංවීම (11 වන ඉලක්කය) සහ තිරසාර පරිභෝජන හා නිෂ්පාදන සංස්කෘතියක් සහතික කිරීම (12 වන ඉලක්කය) යන ඉලක්ක ආවරණය කරයි.

 

 

පිටපත – PR

 

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

Next Post

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී රැකගෙන ඉදිරි පරම්පරාව වෙත භාරදිය යුතුයි – අමාත්‍ය විදුර

editor

editor

Next Post

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී රැකගෙන ඉදිරි පරම්පරාව වෙත භාරදිය යුතුයි - අමාත්‍ය විදුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාලගුණයෙන් සැර නිවේදනයක්

මහ වැසි ගැන කාලගුණ නිවේදනයෙන් කියන දේ

30 May 2025
ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025

Recent News

කාලගුණයෙන් සැර නිවේදනයක්

මහ වැසි ගැන කාලගුණ නිවේදනයෙන් කියන දේ

30 May 2025
ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාලගුණයෙන් සැර නිවේදනයක්

මහ වැසි ගැන කාලගුණ නිවේදනයෙන් කියන දේ

30 May 2025
ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved