27 April 2024
#ව්‍යාපාර

INSEE Ecocycle චක්‍රීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමේ මෙහෙවරෙහි දශක දෙකක සාර්ථකත්වය සමරයි

INSEE Ecocycle වඩාත් පරිසර හිතකාමී හා තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා දරන උත්සාහයට දශක දෙකක් සම්පූර්ණ වී ඇත.

මෙරට තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයා වන INSEE Ecocycle මේ දක්වා මෙරට ප්‍රධාන පෙළේ සමාගම්, රජයේ සහ පළාත් පාලන ආයතන සහ ප්‍රතිචක්‍රීකරණ සමාගම් වැනි සේවාදායකයන් 1,000 කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් කළමනාකරණය කර ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියනයකට අධික ය.

INSEE Cement සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය වන INSEE Ecocycle, අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සිට සහසැකසුම් කටයුතු ඔස්සේ තිරසාර ලෙස පරිසරයෙන් බැහැර කිරීම දක්වා, නියාමන අවශ්‍යතාවන්ට අනුකූල පූර්ණ අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනමයි. ශ්‍රී ලංකාවට සිමෙන්ති උදුන් සහසැකසුම් (Cement kiln co-processing) ක්‍රමවේදය හඳුන්වා දුන් ප්‍රථම සමාගම වන්නේද INSEE Ecocycle වන අතර, එය සිමෙන්ති උදුන් සහසැකසුම් ක්‍රමවේදය (Cement kiln co-processing) සහ වෙනත් සම්පත් ප්‍රතිසාධන මූලික කරගත් අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් ඔස්සේ රටේ චක්‍රීය ආර්ථිකයට වැදගත් වන තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් රැසක් හඳුන්වා දී තිබේ.

“සිමෙන්ති උදුන් සහසැකසුම් (Cement kiln co-processing) ක්‍රමවේදය යනු විවිධාකාර වූ අනතුරුදායක සහ අනතුරුදායක නොවන අපද්‍රව්‍ය සුරක්ෂිතව බැහැර කිරීම සඳහා ලොව පුරා භාවිතා වන ක්‍රමවේදයක්. එමෙන්ම එය අපගේ තිරසාර අභිප්‍රයන්ගේ අනිවාර්ය අංගයක්ද වනවා. මේ හරහා, අප නො-ඉඳුල් අමුද්‍රව්‍ය මත යැපීම අවම කරගෙන ඇති අතර, අනෙකුත් කර්මාන්තවල ඛනිජ සංරචක භාවිතා කිරීමෙන් අපගේ කාබන් පියසටහන අවම කරගැනීමටත් අපට හැකි වී තිබෙනවා. එමෙන්ම මෙමගින් සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා පොසිල ඉන්ධන භාවිතයෙන් නිෂ්පාදිත බලශක්තිය භාවිතා කිරීම 40% කින් පමණ අඩු කිරීමටත් අපට හැකි වුණා. මේ ඔස්සේ රටේ පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමටත් අප සමත් වී තිබෙනවා.” INSEE Cement Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා පැවසී ය.

සිමෙන්ති උදුන් සහසැකසුම් ක්‍රමවේදය තුළදී නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා, අපද්‍රව්‍ය මගින් ජනනය කරන ලද විකල්ප ඉන්ධන සහ අමුද්‍රව්‍ය භාවිතා කරනු ලබයි. සිමෙන්ති උදුන් තුළ මේවා අධික උෂ්ණත්වයක් යටතේ දීර්ඝ කාලයක් දහනය වන නිසා, හානිකර ශේෂයන් කිසිවක් ඉතිරි නොකර සම්පූර්ණයෙන්ම විනාශ වේ.

“පසුගිය කාලය තුළ INSEE Ecocycle අත්කරගත් ප්‍රධානතම ජයග්‍රහණයක් වන්නේ, නගර සභා මට්ටමින් එක්රැස් වන, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි සහ දිරා නොයන වර්ගීකරණය කරන ලද නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් සමග හවුල්කාරීත්වයන්ට එළඹීමට හැකියාව ලැබීමයි. මේ වනවිට අප ඒ ආකාරයේ අපද්‍රව්‍ය එක්රැස් කිරීම, වෙන්කිරීම, පූර්ව-සහසැකසුම් කටයුතු සිදුකිරීම සහ සුරක්ෂිත ලෙස සහසැකසුම් කිරීම සඳහා ප්‍රාදේශීය සභා 100 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන සිටිනවා. මේ ප්‍රාදේශීය සභාවන්ගෙන් මසකට අප වෙත ලැබෙන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,000 කට අධිකයි. එම අපද්‍රව්‍ය INSEE සිමෙන්ති උදුන් සහසැකසුම් ක්‍රියාවලිය සඳහා යොමුකරනු ලබනවා. එසේ නොවුණා නම් මෙම අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරනු ලැබීමට ඉඩ තිබුණා.” INSEE Ecocycle සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය.

සිය 20 වන සංවත්සරය වෙනුවෙන් INSEE Ecocycle, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ Parley Sri Lanka සමග එක් වී දික්ඕවිට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලද අතර, එහිදී ප්ලාස්ටික් සහ වෙනත් දිරා නොයන අපද්‍රව්‍ය ටොන් භාගයක් පමණ එක්රැස් විය. මේ අතරින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එම ක්‍රියාවලිය සඳහා යොමුකරවන ලද අතර, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය සිමෙන්ති උදුන් සහසැකසුම් ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ලදි.

“අපට මේ තරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වී තිබෙන්නේ පසුගිය දශක දෙකක කාලය පුරා අපගේ කණ්ඩායමේ සියලුම දෙනා පෙන්නුම් කළ උනන්දුව හා කැපවීම නිසයි. එම නිසා අපගේ අනන්‍යතාව රැකගනිමින් අර්ථවත් ලෙස මෙම සංවත්සරය සැමරීමට අපට අවශ්‍ය වුණා. මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන, කණ්ඩායමක් ලෙස එකට එක් වී යහපත් අනාගතයක් වෙනුවෙන් කැපවීමට INSEE කාර්ය මණ්ඩලය තුළ ඇති අභිලාශය මූර්තිමත් කළ අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්.” සුජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

 

පිටපත- PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *