• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොරු රකින රජයක් වෙනුවට ජනතාව සුරකින පාලනයක් ඇති කරමු – විපක්ෂ නායක සජිත්

13 December 2023
in දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ලබා දුන් ඓතිහාසික විප්ලවීය තීන්දුවක් ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කළ පුද්ගලයන් අනාවරණය කරමින් ලබා දුන් බවත් එය ජනතාවට මහ අස්වැසිල්ලක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) සවස පදනම් ආයතනයේ පැවැති යුක්තිය වෙනුවෙන් ජනමතය වැඩසටහනට එක්වෙමිනි.

විධායකය, ව්‍යවස්ථාදායකය රට බංකොලොත් කළ දූෂිත පාලකයන්ගේ දුෂණවලට විරුද්ධව කටයුතු නොකරපු අවස්ථාවක රටේ ස්වාධීන අධිකරණය යුක්තිය උදෙසා දැවැන්ත පියවරක් ගනු ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තීන්දුව දුන් පසු විධායකය සහ ව්‍යවස්ථාදායකයට රට සහ ජනතාව ගැන සිතා පියවර ගැනිමට හැකියාව තිබූ බවත් ජනාධිපතිවරයාට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම කේන්ද්‍ර කර ගෙන දුන් තීන්දුව මූලික කර ගෙන විශේෂ ජනාධිපති කොමිසමක් ඇති කර ඒ තුළින් තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සාක්ෂාත් වුවහොත් රට බංකොලොත් කළ පවුල්වාදී පැලැන්තියේ ප්‍රජා අයිතිය පවා අහෝසි කිරීමේ හැකියාව තිබුණත් ඒ දේ ඉටු නොවන බවත් එයට හේතුව වන්නේ වර්තමාන විධායකය සහ විධායකය නඩත්තු කරන රට බංකොළොත් කළ 134 කල්ලිය විසින් මූලික අයිතිවාසිකම් කඩකරපු ඒ රාජපක්ෂ කණ්ඩායම දිවි හිමියෙන් සුරකීමට දිවුරා පොරොන්දු වීම නිසා බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ තීන්දුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධිනත්වයත් ජනතාවගේ දුක කදුල වේදනාව ගැන සංවේදී වීමත් ගැබ්වන බවත් ව්‍යවස්ථාදායකය සහ විධායකය එසේ කටයුතු කරන විට විපක්ෂය රටම එකතු කර මෙකී දූෂිත පවුල්වාදී පාලනය අධිකරණය හමුවට ගෙනවිත් නිතියේ සහනය පතමින් ඔවුන්ගෙ දුර්දාන්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත් වූ රටේ ජනතාවට වගකිම සහ වගවන ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 3 වැනි පරිච්ඡේදයේ ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික සහ ජීවත් වීමේ අයිතියත් ඇතුළත් කළ යුතු බවත් ඊට අදාළ සංශෝධන සමගි ජන බලවේග රජයක් තුළ ඉටු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වර්තමානයේ පවතින දුෂණ විරෝධී පනතට වඩා වෙනස් ප්‍රශස්ත ප්‍රබුද්ධ සහ විනිවිදභාවයකින් යුක්ත කිසිම ආණ්ඩුවකට සුලුතර බහුතරයකින් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධි ආයතන ස්වාධිනව සහ දේශපාලන බලපෑමෙන් බැහැරව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ඇති කරන බවයි.

එමෙන් ම දේශපාලන බලපෑමෙන් තොර වීම තුළ ස්වාධිනව සහ විනිවිදභාවයෙන් යුක්තව එම ආයතනයට ක්‍රියාත්මක විය හැකි බවත් ජනාධිපතිවරයාට පවා බලපෑම් සිදු කල නොහැකි ලෙස එම ආයතන සකස් විය යුතු බවත් එම සුපිරිසිදු වෙනස සමගි ජන බලවේග රජයක් තුළ ඇති කරන බවත් ඒ නීතිය තුළ සොරුන් ලෙස ඔප්පු වන අයගෙන් රටට අහිමි කළ සම්පත් දේපල මිලමුදල් නැවත රටට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් එවිට වැට් බදු වැඩි කිරීම අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තව ද වත්මන් රජයට වුවත් එම හැකියාව තිබුණත් අද හොරුන්ට වහල් වු හොර ආණ්ඩුවක් පවතින බවත් මේ ආණ්ඩුව පලවා හැර හොරා කාපු සම්පත් විනිවිදභාවයෙන් යුක්තව රටට ගෙන ආ හැකි රජයක් බිහි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය දේපල රාජ්‍ය අරමුදල් මංකොල්ල කන යුගය අවසන් කිරීමට ජාති ආගම් භේදයකින් තොරව එකට එකතු වන ලෙස යි.

Post Views: 20
Previous Post

ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් – ධීවර ඇමැති ඩග්ලස්

Next Post

මෙරට ව්‍යවසායකයින් සවිබල ගන්වමින් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සාර්ථකව නිම වෙයි

editor

editor

Next Post

මෙරට ව්‍යවසායකයින් සවිබල ගන්වමින් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සාර්ථකව නිම වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved