• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැරදුණේ විපක්ෂයට අයිති ආයතනයි – අගමැති

3 April 2019
in දේශීය

තමන් යටතේ පවතින නගර සභා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මගින් කිසිඳු සංවර්ධනයක් හෝ ජනතා සේවයක් සිදු නොවන බව අවබෝධ කරගත් විපක්‍ෂය, එම ආයතන ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා මුදල් වෙන් කරන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) දින මහරගම නගරයේ පැවැති ජනහමුවක දීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් රටේ බලය ලබාගත් නගර සභා හා ප්‍රාදේශීය සභා මගින් තම ප්‍රදේශයේ සංවර්ධනයක් සිදු කරනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කළ ද අද වන විට ඒ අපේක්‍ෂාවන් බිඳවැටී කිසිඳු මහජන සේවාවක් ඉටුනොකරන ආයතන බවට එම ආයතන පත්ව තිබෙන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අයවැය පිළිබඳව වාද විවාද කර, ඡන්දය විමසා විපක්ෂය කර තිබෙන්නේ විපක්ෂයට බහුතරයක බලය හිමි පළාත් පාලන ආයතනවල මුදල් වෙන් කෙරෙන වැය ශීර්ෂ පරාජයට පත් කිරීමයි. මේ අනුව පැහැදිලි වන්නේ තමන්ට පාලන බලය හිමිවී තිබෙන නගර සභා සහ ප්‍රාදේශීය සභා පිළිබදව කලකිරීමක් ඇති බවයි. නමුත් එම ආයතනවලට අවශ්‍ය මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි එම ආයතනවල විපක්ෂ නායකවරු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් අප්‍රේල් 05 වැනිදාට පෙර අප ඒ සම්බන්ධයෙන් පියවර නොගතහොත් නගර සභාවලට සහ ප්‍රාදේශීය සභාවල කටයුතු සඳහා අවශ්‍ය මුදල් නොලැබී යනවා. කෙසේ නමුත් අප්‍රේල් 05 වැනි දා එම මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට අපි සූදානම්. එහෙත් පොදු විපක්ෂය ඊට ද එරෙහි වුණොත් අපට කළ හැකි දෙයක් නැහැ. අයවැයේ දී අපි බලාපොරොත්තුව සිටියේ ආණ්ඩුවට ඉහළ බලපෑමක් ඇති අමාත්‍යංශයක වැය ශීර්ෂ පරාජය කිරීමට විපක්ෂය කටයුතු කරනු ඇති බවයි. නමුත් ඔවුන් සිදු කර තිබෙන්නේ විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කෙරෙන වැය ශීර්ෂ පරාජය කිරීමයි. මේ පළාත් පාලන ආයතන ගැන විපක්ෂයට තිබෙන්නේ එවැනි සහතිකයක් නම් තවදුටත් එම ආයතන ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ. නමුත් කොළඹ මහ නගරය ඇතුලු සියලු නගර දියුණු කිරීම සදහා අප සමග එකතුව කටයුතු කරන්නැයි මා පළාත් පාලන ආයතනවලට ආරාධනා කරනවා. අද විවෘත කෙරුණු සිව් මහල් රථාංගනයේ පාලනය ද මහරගම මහ නගර සභාවට බාර දෙනවා. මහ නගරවල දියුණුව ඇති කිරීම සදහා නායකත්වය ලබා දිය හැක්කේ මේ ආණ්ඩුවට පමණයි. මීට පෙර පැවැති පාලනයන් යටතේ සිදු කළේ කුමක්ද? ඔවුන් සිදු කළේ ණය ගැනීම පමණයි. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ එම සියලු ණය ගෙවා දමමින් අලුත් විශාල වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියත්, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන්නැයි නැවත වතාවක් ඉල්ලා සිටිනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

විල්පත්තු බොරුවට විරුද්ධව රිෂාඩ් සටන් කරයි

Next Post

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය…! ඇමැති මංගල හෙළි කරයි

editor

editor

Next Post

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය...! ඇමැති මංගල හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved