• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන්නැයි ඇමැති කෙහෙලියගෙන් උපදෙස්

26 July 2022
in දේශීය

ඉදිරි වකවානුව තුළ ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවුවේ ඊයේ (25) “සුවසිරිපාය” සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දීය.

මේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අඩුපාඩුවක් නොවන ලෙස කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

ඉන්දියානු ණය ආධාර,චීන ආධාර ඇතුළු පරිත්‍යාග ඔස්සේ ඖෂධ විශාල තොගයක් මෙරටට ලැබෙන බවත් එයට අමතරව ඖෂධ ලබා ගැනීමේ අනෙකුත් වැඩපිළිවෙලද විධිමත් කරමින් හිඟයකින් තොරව ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙරට ඖෂධ නිෂ්පාදනය යළි කඩිනම් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට පියවර ගතයුතු යැයිද ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ සාකච්ඡා කර සකස් කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ හෝ ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන් හරහා එම අමුද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ඒ තුළ ඉදිරියේදී හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ ලබාදීමට හැකිවනු ඇතැයිද රඹුක්වැල්ල මහතා කීය.

අවම වශයෙන් අඩුපාඩුවක් නොමැතිව මාස හයක හෝ කාලයකට අවශ්‍ය ඖෂධ රට තුළ තිබිය යුතු බවත් කාර්තුවෙන් කාර්තුවට මේ සඳහා වඩාත් අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම පැවසීය.

ලෝක බැංකුව මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත වෙන් කර ඇති ඩොලර් මිලියන 23 අතුරින් ඩොලර් මිලියන 18.6 ක් මේ වන විට ලැබී අවසන් බව මෙහිදී අනාවරණය විය.

ඩොලරයේ අගය වැඩි වීමත් සමඟ මිල ගණන් සංශෝධන සහිතව හෝ ඖෂධ, උපකරණ ලබා ගැනීම ඉතා වැදගත් යැයිද එහිදී සාකච්ඡා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,ජාතික ඖෂධ නියාමන අධිකාරිය,වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතන ගණනාවක නිලධාරීන් රැසක් මේ සඳහා එක්ව සිටියහ.

 

Post Views: 15
Previous Post

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද ඇත්තේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයයි – විපක්ෂනායක සජිත්

Next Post

කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින්

editor

editor

Next Post

කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved