මගීන් නොමැතිවීම හේතුවෙන් අද දිනයේදී අන්තර් පළාත් බස් රථ ධාවනය සියයට 25කින් පමණ අඩු වී ඇති බව අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසයි. නියමිත වේලාවන් අනුව ධාවනය වන (Time Bus) බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වුවද, මාරුවෙන් මාරුවට ධාවනය වන (Rotation Bus) බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි මගීන් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව හෙතෙම සඳහන් කළේය. බස් නැවතුම්පොළට බස් රථ ඇතුළු කළ ද සෙනඟ නොමැති වුවහොත් අනෙක් බස් රථයට ඉඩ ලබාදී එම බස් රථය ඉවත් කරගැනීමට සිදුවීම නිසා මෙම 25%ක ධාවන අඩුවීම සිදුවන බව ද ඔහු පැහැදිලි කළේය.
දුර පළාත් සඳහා ධාවනය වන බස් රථ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බැවින්, ප්‍රමාණවත් ආදායමක් නොලැබුණහොත් බස් රථ ධාවනය කළ නොහැකි බව පෙන්වා දෙන සභාපතිවරයා, මේ සඳහා වහාම ඉන්ධන සහනාධාරයක් හෝ බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව අවධාරණය කරයි. කෙසේ වුවද මේ මොහොතේ වර්ජනයකට යාමේ සූදානමක් නොමැති බවත්, විෂයභාර අමාත්‍යවරයා මෙතෙක් සාකච්ඡාවක් ලබාදී නොමැති වුවද සාකච්ඡා මාර්ගයෙන්ම මෙම ගැටලුව විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවත් සරත් විජිත කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















