• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අර්ථ සාධක අරමුදලින්, විශ්‍රාමික අරමුදල්වලින් ලොකු පොළියක් අඩුවෙන්නේ නෑ – මන්ත්‍රී එස්.බී.දිසානායක

6 July 2023
in දේශීය

අර්ථ සාධක අරමුදලෙන් සහ විශ්‍රාමික අරමුදලෙන් ජනතාවට විශාල ආදායමේ අඩුවක් සිදු නොවන බවත් ශ්‍රී ලංකා මහා බැංකුව විශාල වගකීමක් මේ සඳහා භාරගෙන තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “අපි රාජ්‍ය බැංකුවලට අත තියන්නේ නැතිව අපි මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කරලා කාලය ටිකක් දික් කරන්නත් ඒ වගේම මේවට ගෙවන පොළිය 2025 වන තෙක් 12% ත් 2025 න් පස්සේ 9% ටත් අපි ගෙනියලා මේ ප්‍රශ්නය බේරගන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපි හිතනවා අපිට 2.4 % ක විතර ණය බරින් නිදහස් විමට පුළුවන් වෙයි කියලා. දේශීය වශයෙන් අපිට 1.2, 1.3 ක විතර නිදහස් වීමක් වෙනවා. අපිට මේ අවස්ථාවේ ආර්ථික කටයුතු ඉදිරියට ‍ගෙනියන්න ප්‍රමාණවත් කියලා. අර්ථ සාධක අරමුදලින්, විශ්‍රාමික අරමුදල්වලින් ලොකු පොළියක් අඩුකරනවා කියලා මතු කරන්න උත්සහ කරනවා. එය වැරදි. මට පේන විදිහට අර්ථ සාධක අරමුදලින් සහ විශ්‍රාමික අරමුදල වගේ අරමුදල්වලට, එහෙම ලොකු ආදායමේ අඩුවක් ලැබෙන මුදල්වල අඩුවක් සිද්ධ වෙන්නේ නෑ. ශ්‍රී ලංකා මහා බැංකුව විශාල වගකීමක් මේ සඳහා භාරගෙන තිබෙනවා. පහුගිය කාලයේ කොවිඩ් වසංගතය නිසා හුඟාක් ණය සහන දිලා තිබෙනවා. ඒ නිසා බැංකුවලට තවත් බරක් පටවන්නේ නැතිව බැංකු ශක්තිමත්ව තබාගැනීම අපිට අත්‍යවශ්‍ය කාරණයක් නිසා අපි මේ වැඩේ කරන්න පුළුවන් ඉතාම හොඳ මට්ටමෙන් කළා. මේ අස්වැසුම හරහා සහනාධාර දීමේ වැඩපිළිවෙළ අවුලකට පත්වෙලා තිබෙන්නේ. ඒ අස්වැසුම වැඩපිළිවෙල හරහා ඉතාම ස්වාධීන මණ්ඩලයකින් මේ ආධාර ලැබිය යුත්තන් හා නොලැබිය යුත්තන් තීරණය කිරීම තමයි අපි බලාපොරොත්තු වුණේ. හැබැයි එහෙම වුණේ නැහැ. මේ අස්වැසුම මේ පරීක්ෂණය පිළිබඳ ගැසට් එකේ තිබුණු වාක්‍යයක් නිසා ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින් මේ සියලු නිධාරින් වැඩ කරන්න බෑ කියලා අයින් වුණා. අඩු ආදායම් ලබන ජනතාව ආධාර සඳහා ඉදිරිපත් කරන තොරතුරු ප්‍රවේසමෙන් කළ යුතුයි. ඒ සමීක්ෂණ වැඩේ හරියට කෙරුණේ නැහැ. ඒ නිසා තෙරීම් පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇවිත් තිබෙනවා. එය නිවැරදි කළයුතුයි ඉක්මණට. එයට සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම සේවක නිලධාරීන්, මේ සියලු නිලධාරීන් ගමේ ජිවත්වෙන අය. මොවුන් ඒ ජනතාව ගැන හොඳට දන්නවා.ඒ නිසා මේ පිරිස එක්ක අස්වැසුම මණ්ඩලය ගමට බැහැලා මේ කටයුත්ත නිවැරදි කළයුතුයි. අපි ඒ කටයුත්ත ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අස්වැසුම තුළ සමෘද්ධිය , සමාජ ආරක්ෂණ අරමුදල , නිවාස අරමුදල රැකගෙන ඒවත් එක්ක ඉස්සරහට යන වැඩසටහනක් අස්වැසුම හරහා හදන්න ඕන. දුප්පත්කම නැති කිරීමට අතවශ්‍ය ආයතන ආරක්ෂා කරගෙන ඉස්සරහට ගෙනියන්න ඕන.”යැයි මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ

Next Post

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා මහ පෙරහැර අගෝස්තු 01 වනදා

editor

editor

Next Post

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා මහ පෙරහැර අගෝස්තු 01 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved