ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට සහ නීතිවිරෝධී ජාවාරමට එරෙහි දිනය සැමරීම වෙනුවෙන්, “රටම එකට” ජාතික වැඩසටහන යටතේ විශේෂ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ පාගමනක් අද (26) පෙරවරුවේ කොළඹදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් මෙම සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මත්ද්‍රව්‍යවලින් තොර සුවපත් සමාජයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමේ උදාර අරමුණ පෙරදැරි කරගනිමින් සංවිධානය කර තිබූ මෙම පාගමන සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන්, රාජ්‍ය ආයතන නියෝජිතයන්, පාසල් සිසුන් සහ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් තරුණ පරපුර මුදාගැනීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සමාජගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
දිවයින පුරා මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා රජය සහ ආරක්ෂක අංශ ගෙන යන පුළුල් වැඩපිළිවෙළට සහාය දැක්වීම මෙම පාගමන මගින් සංකේතවත් කෙරිණි. මත්ද්‍රව්‍ය විරෝධී පණිවිඩ රැගත් සටන් පාඨ සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පැවති මෙම පාගමන, කොළඹ ප්‍රධාන මාර්ග ඔස්සේ ගමන් කරමින් ජනතාව අතරට මත්ද්‍රව්‍යවලින් සිදුවන විනාශය පිළිබඳව දැනුවත් කිරීමේ පණිවිඩය ප්‍රබලව රැගෙන ගියේය.
















