• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හදුන්වා දෙයි

26 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් 2021- 2030 දක්වා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දෙනු ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (25) දින බාර දෙනු ලැබීය.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම සඳහා ජපාන රජය මගින් එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහන, IETC- Technology for Environment, Environment Stratagies සහ පරිසර අමාත්‍යාංශය යන ආයතන විසින් අනුග්‍රහය දක්වන ලදී.

මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී පවතින අවිදිමත් බව සැළකිල්ලට ගනිමින් ඉදිරි දස වසර තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ මෙමගින් යෝජනා කර තිබේ. විශේෂයෙන් 3R සංකල්පය අනුගමනය කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම (Reduce) , නැවත භාවිතා කිරීම ( Re- Use) හා ප්‍රතිචක්‍රියකරණය ( Recycling) යන ක්‍රියා පිළිවෙත තුළින් පරිසරයට එක් කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙහි අරමුණ වේ.

අපේ රටට වාර්ෂිකව ආනයනය කරනු ලබන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 03කි. එමෙන්ම අපේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 10,768කි. එමෙන්ම පළාත්පාලන ආයතනවලින් දිනකට එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙ. ටො. 3458කි. ඒ අනුව දිනපතා අප රටේ බැහැර කරන ඝන අපද්‍රව්‍යවලින් සියයට 50ක් එකතු නොකර පරිසරයට බැහැර කරනු ලබන බව පෙනී යයි.

මෙම බරපතල පාරිසරික ගැටළුව විසඳීම සඳහා දැනටමත් පියවර රැසක් ගෙන ඇතැයි මෙම ක්‍රියාකාරි සැළැස්ම අමාත්‍යවරයාට බාර දෙමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා අප රටේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පියවර රැසක් මේ වනවිටත් පරිසර අමාත්‍යාංශය විසින් ගෙන ඇතැයි පැවසීය. ඒ අනුව පරිසරයට වැඩිපුරම එකතු වෙන නොදිරණ ප්ලාස්ටික් හා පොලිතීන් උපයෝගී කර ගනිමින් නිපදවන ලබන නිෂ්පාදන රැසක් මේ වනවිට නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම තහනම් කර ඇති බව සඳහන් කළේය.

පසුගිය මාර්තු 31 සිට සැෂේ පැකට් ඇතුළු ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 05ක් තහනම් කරනු ලැබීය. එමෙන්ම පසුගිය අගෝස්තු 01 දින සිට නොදිරණ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය මුළුමනින්ම තහනම් කළේය. එමෙන්ම ෂොපිං බෑග් ඇතුළු තවත් නිෂ්පාදන 08ක් තහනම් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.

මෙම දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැළැස්ම මගින් යෝජනා කර තිබෙන කරුණු සියල්ලම ක්‍රියාත්මක කරමින් මේ රට ගිළ ගනිමින් තිබෙන පොලිතීන් හා ප්ලාස්ටික් වසංගතයට තිරසාර විසඳුමක් ලබා දීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 2
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලබා නොදෙන්නේ අධිකරණ කටයුතුවලට බාධාවන නිසයි – පොලිස්පති

Next Post

විදේශගත වන්නන් සදහා කොවිඩ් -19 එන්නත් සහතිකය ලබාගැනීමට මාර්ගගත Online පහසුකම් මත

editor

editor

Next Post

විදේශගත වන්නන් සදහා කොවිඩ් -19 එන්නත් සහතිකය ලබාගැනීමට මාර්ගගත Online පහසුකම් මත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved