ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද (08) උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, කොල්ලුපිටිය පේදිරිස් පටුමගෙහි පිහිටි ඒ මහතාගේ නිවස තුළ තිබී සිරුර සොයාගත් බවයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇත. පසුගිය කාලසීමාවේ විවිධ ආන්දෝලනාත්මක කරුණු සම්බන්ධයෙන් නම කියවුණු ඒ මහතාගේ හදිසි වියෝව පිළිබඳව සෙවීමට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.














