දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒ. බී. ඩිවිලියර්ස්, ඉන්දීය ක්‍රීඩක සූර්යකුමාර් යාදව්ගේ දක්ෂතා පිළිබඳව සිය ක්‍රිකට් පොඩ්කාස්ට් වැඩසටහනේදී අදහස් දක්වා තිබේ.සූර්යකුමාර් යාදව්ට තමන්ගේ දක්ෂතාව ඔප්පු කිරීමට තවමත් බොහෝ දේ ඉතිරිව ඇති බව ඩිවිලියර්ස් පවසයි.ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය තුළ ලකුණු රැස් කිරීම එතරම් අපහසු නොවන බවත්, ඒ සඳහා පැතලි තණතීරු සහ කුඩා සීමා මායිම් දායක වන බවත් ඔහු පෙන්වා දෙයි.සැබෑ පිතිකරුවෙකු ලෙස සැලකෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පිටත, මන්දගාමී තණතීරු මත පවා ලකුණු රැස් කිරීමට සමත් වන ක්‍රීඩකයා බව ඔහු සඳහන් කරයි.සූර්යකුමාර් යාදව් ශ්‍රී ලංකාවේදී මේ වන විට දක්වන දක්ෂතා අසාර්ථක බව ඩිවිලියර්ස් වැඩිදුරටත් පවසා තිබේ.
















