ලාරක් දූපතට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ජෝර්දානයේ පිහිටි ප්‍රධාන ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකක් වෙත දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කරයි.
ෆ්‍රී ප්‍රෙස් ජර්නල් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුධමය උණුසුම තවදුරටත් දැඩි ලෙස වර්ධනය වී ඇති බවයි.
දෙපාර්ශ්වය අතර හුවමාරු වන මෙම සෘජු ප්‍රහාර හේතුවෙන් කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය දැඩි අවදානමකට ලක්ව ඇති බව රාජ්‍යතාන්ත්‍රික අංශ පෙන්වා දෙයි.
















