කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන වාණිජ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි. මෙම ප්‍රහාරය යුක්රේනයෙන් එල්ල වූවක් බවට චෝදනා කරන ඉරානය, ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ටෙහෙරානයේ පිහිටි යුක්රේන තානාපතිවරයා ඉරාන විදේශ අමාත්‍යාංශය වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටී.
රුසියාවේ සිට ඉරානය වෙත ආයුද රැගෙන එන රුසියානු නෞකාවලට කැස්පියන් මුහුදේදී තමන් ප්‍රහාර එල්ල කළ බව යුක්රේනය මේ වන විට පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මැදපෙරදිග කලාපයෙන් ලබාගන්නා චන්ද්‍රිකා නිරීක්ෂණ දත්ත රුසියාව විසින් ඉරානය වෙත ලබාදෙන බව තම රටට නිරීක්ෂණය වී ඇති බවයි.
කලාපීය ගැටුම් සහ ජාත්‍යන්තර සැපයුම් මාර්ග ආශ්‍රිතව උද්ගත වී ඇති මෙම තත්ත්වය දෙපාර්‌ශ්වය අතර උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික පියවර සහ ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව අදාළ අංශ දැඩි අවධානයෙන් පසුවන අතර, ජාත්‍යන්තර ප්‍රජාවගේද අවධානය මේ වෙත යොමු වී ඇත.














