ඉරානය සහ කියුබාව යන රටවල් ආශ්‍රිතව අද (09) අලුයම් කාලයේදී ප්‍රබල භූ කම්පන දෙකක් වාර්තා විය.
ඉරානයේ දකුණු හෝමොස්ගන් පළාතේ සර්ගාස් ප්‍රදේශයේ කිලෝමීටර් 22ක් ගැඹුරින් රික්ටර් මාපක 5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇත. ඒ හා සමානව, කියුබාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් රික්ටර් මාපාංක 6.1ක ප්‍රභලත්වයකින් යුත් තවත් භූ කම්පනයක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම භූ කම්පන හේතුවෙන් මේ වන තෙක් කිසිදු දේපොළ හානියක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැත.
















