හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා ලෙස ඉරානය සැමවිටම සිය ඓතිහාසික රාජකාරිය ඉටු කරන බව ඉරාන විදේශ අමාත්‍ය අරාග්චි මහතා ප්‍රකාශ කළේය. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සමඟ පැවැති සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ බවත්, එම සාකච්ඡා ඉතා ඵලදායී වූ බවත් ඔහු සඳහන් කළේය.
තම X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සියලුම මිත්‍ර රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන වාණිජ කටයුතුවල ආරක්ෂාව පිළිබඳව විශ්වාසය තැබිය හැකි බවයි. කලාපීය ස්ථාවරත්වය සහ මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් දෙරටේ විදේශ අමාත්‍යවරුන් මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.













