ලෝකයේ බලශක්ති සැපයුමෙන් පස්කෙනෙක් පංගුවක් හසුරුවන හෝමූස් සමුද්‍රසන්ධියේ (Strait of Hormuz) බලප්‍රදේශ සහ ආදායම් බෙදාගැනීම සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවයකට පැමිණ ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තහවුරු කරයි.
කෙසේ වෙතත්, තම කොන්දේසි ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පිළිගන්නේ නම් මිස මෙම වැදගත් නාවික මාර්ගය කිසිසේත්ම විවෘත නොකරන බව ඉරානය අවධාරණය කරයි. හෝමූස් සමුද්‍රසන්ධිය ඉරානයට සහ ඕමානයට අයත් බවත්, ඇමෙරිකාව පනවන බාධා කිරීම් නතර කළහොත් පමණක් සම්බාධක ඉවත් කර නාවික ගමනාගමනයට අවසර දෙන බවත් IRGC ප්‍රකාශක හොසේන් මොහෙබි (Hossein Mohebbi) ප්‍රකාශ කළේය. මේ අතර, ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක තද කරද්දී, සටන් විරාමයකට මඟපෑදෙන ලකුණු හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දින තුනකට පසුව බැරලයක් ඩොලර් 2කින් පහත වැටී තිබේ.













