හෝමුස් මුහුදු සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත්, “ඉන් ඉක්මන් ගිවිසුමකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන” බවත් අමෙරිකානු උසස් නිලධාරියෙකු සිකුරාදා (07) රොයිටර්ස් (Reuters) පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
කිසිදු බාධාවකින් තොරව වාණිජ නාවික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ ගිවිසුම ප්‍රකාශයට පත් කළ වහාම, ඉරාන වරායන්ට පනවා ඇති අවහිරතාව ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, “සාමාන්‍ය පරිදි ඇමරිකාවේ ඉදිරි ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ කාර්ය සාධනය පදනම් කරගනිමින් වන අතර, එය ඉරානය විසින් සිය කැපවීම් ක්‍රියාත්මක කිරීම මත රඳා පවතිනු ඇත” යනුවෙන්ද ඔහු අවධාරණය කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














